උසස් පෙළ සිසුන්ට 80% පාසල් පැමිණීම අනිවාර්ය කෙරේ

2023 වර්ෂයේ සිට මින් ඉදිරියට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනීසිටින සිසුන්ට 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් 2022 උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට 80% පැමිණීම අත්‍යවශ්‍ය නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා තිබෙනවා.