උසස් පෙළ විභාගයට සියල්ල සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (07) ආරම්භ වීමට නියමිතය.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේ විභාග ශාලාධිපතිවරුන්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවය.

විභාගය හෙට සිට ලබන මස 05 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 345,242 දෙනෙකු මධ්‍යස්ථාන 2,438කදී විභාගය සඳහා පෙනී සිටී.

කොරෝනා ආසාදිත සහ නිරෝධායනය වන අපේක්ෂකයින් සඳහා රෝහල් ආශ්‍රිත විශේෂ මධ්‍යස්ථාන 29ක් ද පිහිටුවා තිබේ.

මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වීමේදී වේලාව නිවැරදිව ප්‍රදර්ශනය කරන ලෙස සියලු විභාග ශාලාධිපතිවරුන්ට නියෝග කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේය.

විභාග නීති රීති එලෙසම ක්‍රියාත්මක වන අතර විභාග ශාලාවට ඉලෙක්ට්‍රොනික මෙවලම්, ඉලෙක්ට්‍රොනික අත්ඔරලෝසු, ජංගම දුරකථන වැනි අනවශ්‍ය දේ රැගෙන ඒම තහනම් වේ.

විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේනම් 1911 ක්ෂණික දුරකථන අංකය හෝ 011- 2784208 හෝ  011 -2784537 අංක අමතන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

මේ අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්හි ඩෙංගු මර්දන සහ ධූමායන කටයුතු සිදු කිරීම සඳහා මේ වන විටත් අදාළ බලධාරින් යොමුකර ඇති අතර අදාළ පාසල්වල විදුහල්පතිවරු විසින් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා ප්‍රකාශ කළේය.

මේ අතර මෙවර උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන දරුවන් සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවදානයෙන් කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16