උඹ දෙමළි” කියලා මට බැණලා තියෙනවා

පසුගිය 24 වෙනිදා නයිජීරියාවේ යොනගෝවා නුවරදී පළමුවරට සංවිධානය වූ බයෙල්සා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සහ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ “සුනාමි” චිත්‍රපටය සමත් වුණා. ඒ “හොඳම නිළිය” උදෙසා වූ සම්මානය නිරංජනී ශංමුගරාජාට සහ ”හොඳම අධ්‍යක්ෂක” උදෙසා වූ සම්මානය සෝමරත්න දිසානායකයන්ට හිමිවීමත් සමඟ.

මීට පෙර භූතානයේ DERK අන්තර්ජාතික සිනමා උළෙලේදී (2019-දෙසැම්බර් අදියර) “Outstanding Achievement Award for Best Actress” යන ජාත්‍යන්තර සම්මානයට ද ඇය හිම්කම් කිවේ මෙම “සුනාමි” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්.

මේ වෙද්දී ජාත්‍යන්තර සම්මාන දෙකක් උරුම වෙලා තියෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ

නිහතමානී ආඩම්බරකමක් දැනෙනවා. අපි නළු නිළියෝ විදියට සල්ලි වලටත් වඩා අපේ ජිවිතේ ඉතුරු වෙන්නේ ජනතාවගේ හදවතේ තියෙන ඉඩ; ජනතා අත්පොළසන් නාදය සහ ලැබෙන ඇගයීම් සම්මාන. ඒවාට මිල කරන්න බෑ. මේ වගේ සම්මාන තමා කලාකරුවන් විදියට ලබන ලොකුම තෘප්තිය. මේක මේ නිරංජනීට කියන තනි කෙනාට ලැබුණු සම්මානයක් නෙවෙයි.

සුනාමි චිත්‍රපටය හරහා ශ්‍රී ලංකාව නියෝජනය කරලා ලැබුණු සම්මානයක්. ඒ නිසා මට දැනෙන්නේ මගේ රටට ලැබුණු සම්මානයක්. මම ශ්‍රී ලංකාවේ දමිළ කෙනෙක්. එහෙම වෙලා මගේ රටට කීර්තියක් ලබා දෙන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා.

දැන් ඔබ සම්මානිත සිනමා රංගන ශිල්පිනියක්, මේ ගමන එන්න පහසු වුණාද?

මම ටැමිල්. ලංකාවේ පළවෙනි නිළිය රුක්මණී දේවිනේ. එතුමිය දමිළ කාන්තාවක්. හැබැයි අද වෙනකම් සිංහල සිනමාව ගැන කතා කරද්දි එතුමිය ගැන කතා නොකර කතා කරන්න බෑනේ. එතුමිය දෙමළ කියන එක ගොඩක් අය දන්නේ නැහැ.

දන්නේ නැහැ කියන්නේ එතුමියව ඒ තරම් ආදරෙන් වැලඳ ගත්තා. අපේ ලංකාවේ මිනිසුන්ට අදාළ නැහැ එතුමිය දෙමළද සිංහල ද කියන එක. දැන් ශෂී විජේන්ද්‍ර ගත්තම එතුමා මුස්ලිම්. නමුත් ඒක සිනමාවට අදාළ වුණේ නැහැනේ.

70/80 දශකයේ ශෂී විජේන්ද්‍ර කියන්නේ ඉන්දියාවේ කමල් හසන් වගේ. ඒ ලුක් එක ඔක්කොම. හැබැයි එතුමා මුස්ලිම් කියලා අපේ අය ආදරේ නොකර හිටියේ නැහැ. අදටත් එතුමා රඟපෑ චිත්‍රපටයක් බොහොම ආසාවෙන් බලන ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නව. මටත් ඒ වගේම තමා මම දමිළ කියන එක සිංහල සිනමාවේදී නම් මට බාධාවක් වෙලා නැහැ.

හැබැයි මට ටෙලිවිෂන් එක ඇතුළෙ එක්තරා රියැලිටි වැඩසටහනක් ඇතුළෙ මම දෙමළ වීම මට ප්‍රශ්නයක් වුණා. හැබැයි ඒ දේ වෙන්නෙත් ආදරණීය ප්‍රේක්ෂක රසිකයන්ගෙන් නෙවෙයි. මේ කලාවම නියෝජනය කරන රංගන ශිල්පිනියන්ගෙන්. ඒ අය මගේ මූණටම “උඹ දෙමළි” කියලා මට බැණලා තියෙනවා. මම ඒ අත්දැකීම ලැබුවේ එතන විතරයි. සිනමා ක්ෂේත්‍රය ඇතුළෙ කිසිදා කිසිදිනෙක මම දෙමළ කියලා කොන් කරලා නැහැ. මට සුදුසු අවස්ථා මට ලැබුණා. ඒ අතින් මම හරිම වාසනාවන්තයි.

ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතෙන්නේ

මට තියෙන්නේ තරුණ පරම්පරාවටත් වඩා වැඩිහිටි පරම්පරාවේ ආශිර්වාදය ආදරය. මම එය දකින්නේ පෙර පිනක් හැටියට. සිංහල අම්මලා තාත්තලා සීයලා ආච්චිලා මට පණ ඇරලා ආදරෙයි. මම කියන්නේ තරුණ පරම්පරාවේ ආදරය නැහැ කියන එක නෙවෙයි. තරුණ පරමපරාවේ අය හමුවුණාමත් කියන්නේ ඒ අයගේ අම්මා තාත්තා, සියා ආච්චි ඒ අය මට දක්වන ආදරය ගැන. මම හිතන්නේ ඒක මරු ආදරයක්. ඒ ආදරය දැනෙද්දී මට දැනෙන්නේ මම මාරම ලකී ටැමිල් ආටිස් කෙනෙක් කියන හැඟීම.

සිනමාව දැන් පවතින්නේ දැඩි අර්බුදයක, මේ තත්ත්වය දකින්නේ කොහොමද?

මුල්ම දේ තමා DVD පටයට එනකම් ඉන්නේ නැතුව සිනමාශාලාවට ගිහින් චිත්‍රපටයක් බලන එක. වරදවා හිතන්න එපා මම මෙතැනදී ටැමිල් සමාජය ගැන පොඩ්ඩක් කියන්නම ඕනේ. ඒ අය මොන ප්‍රශ්න තිබ්බත් චිත්‍රපටයක් ආවොත් ඒක හෝල් එකට ගිහින් බලනවා. එයාලටත් ඉන්න පුළුවන්නේ DVD පටයට එනකම්. හැබැයි එහෙම වෙන්නේ නැහැනේ.

ලොකු තිරයක පවුලේ අය එක්ක දන්නා නොදන්නා පිරිසක් එක්ක සිනමාත්මක අත්දැකීමක් ලබනවා කියන එක වෙනම ලල් එකක්නේ. අපේ සිංහල අය ඒ ලල් එක විඳින්න දන්නේ නැහැ. නැත්නම් කැමති නැහැ. ලංකාවේ පවා දමිළ චිත්‍රපටයක් ආවම ටිකට්ස් ඔක්කොම විකිණෙනවා.

එතකොට ඇයි සිංහල චිත්‍රපටවලට නැත්තේ. ඒක අපි හිතලා හරි ගන්න ඕන වෙලාව ඇවිත් තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඉතුරු සිනමාශාලා ටිකත් වැසිලා යන්න පුළුවන්. එහෙම වුණොත් නැවත මේ සිනමාව ගොඩ ගන්න බෑ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා සුනාමි චිත්‍රපටය විතරක් නෙවෙයි තිරගත වන හැම නිර්මාණයක් ම සිනමා ශාලාවකින් බලන්න කියන එක.

ආපස්සට හැරිලා බලද්දී ආපු ගමන ගැන මොකද හිතෙන්නේ

මම ආවේ මේ ගමන ආවේ සුන්දර මල් මාවතකින් නම් නෙමෙයි. කට්ට කාලා වැරදි තීරණ අරගෙන, වැරදි යාළුවන් ආශ්‍රය කරලා ද්‍රෝහීකම් බලලා කැපිලි කෙටිලි වලට මුහුණදීලා ආව ගමනක්. සතුටු වෙනවා අපේ ජිවිතේ වැරදිච්ච හැම තැනකදීම පාඩම් ඉගෙන ගෙන තමයි අද මෙතනට ඇවිත් තියෙන්නේ. ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. කොළඹට එන්නේ ගායිකාවක් වෙන්න ආසාවෙන්. එහෙම නැතුව ලොකු හීන මට තිබිලා නැහැ. අදටත් අනාගත බලාපොරොත්තු මොනවද ඇහුවොත් මට දෙන්න උත්තර නැහැ. මම හැම වෙලාවෙම මේ මොහොත උපරිමයෙන්ම ජිවත් වෙන කෙනෙක්. මම විශ්වාස කරන එකම දේ සොබාදහම.

මේ ආපු ගමන තීරණය කරලා දුන්නේ සොබාදහම. ඒ නිසා මගේ ඉදිරි ගමනත් තීරණය කරලා ඇති. මෙතෙක් ආව ගමන ගැන සතුටුයි. ලංකාවේ කාන්තාවන්ට හොඳ උදාහරණයක් වෙන්න පුළුවන් වෙලා තියෙනවා.

සිංහල ජනතාවගේ හිතේ ඉඩක් ලබන එක අමාරු දෙයක් නෙවෙයි. අපිට තියෙන්න ඕනේ උත්සාහයත් ඉවසීමයි පමණයි. සිංහල දෙමළ භේදයකින් තොරව කලාව පමණක් නොව හැමතැනකම හැමෝම එක අරමුණක් ඇතිව අපේ රට ගැන හිතලා ජීවත් වීම මගේ එකම පැතුම.

අනුෂා රණසිංහ
ජායාරූප – හසිත නිලුපුල්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38