උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් ලබන අප්‍රේල් මාසය වනවිට අවසන් කර එළඹෙන ජූනි මාසය වනවිට මෙගාවොට් 120ක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය පවසනවා.
නව ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව, එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගමේ නියෝජිතයන් සමග අද (13) විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සිදුකළ සාකච්ඡාවකදී මේ බව පැවසුවා.
ඉරාන රජයේ, ෆරාබ් ඉදිකිරීම් සහ ඉංජිනේරු ආයතනය මගින් මෙම සංවර්ධන කටයුතු සිදුකරයි.










