උප්පැන්න ලියාපදිංචි කිරීමට රුපියල් 500ක අල්ලස් ගත් රෙජිස්ට්‍රාර්වරියක් මාට්ටු

උප්පැන්න සහතිකය ලියාපදිංචි කර ගැනීමට පැමිණි අවස්ථාවේදී ඒ සඳහා රුපියල් 1,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 500ක් ලබා ගත් ආලයවඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක් අල්ලස් කොමිසම විසින් ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබුවා.

මරදමුණේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් ඔහුගේ දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කර ගැනීම සඳහා සැකකාරිය විසින් ඉහත අල්ලස් මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙර ලබාගෙන තිබූ රුපියල් 500ට අමතරව ලියාපදිංචි උප්පැන්න සහතිකය ලබා ගැනීමට ඊයේ (16) දිනයේ පැමිණෙන ලෙසත් සැකකාරිය දැනුම් දී ඇති අතර ඒ අනුව උප්පැන්න සහතිකය ලබා දී ඉතිරි රුපියල් 500ක මුදල අල්ලස් ලෙස ලබා ගැනීමේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන මෙලෙස අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අක්කරෛපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46