උන්ඩියල් සහ හවාලා ක්‍රියාකරුවන්ට දැනුම්දීමක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සැලකිල්ලට ගනු ලැබූ රෙගුලාසි හතතරකින් තුනක් සහ නියෝගයක් සලකා බැලීමෙන් පසු අනුමත කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ, සභාපතීත්වයෙන් ඊයේ (07) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

මෙහිදී 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත් කර තිබූ රෙගුලාසිවලට අනුකූලව, ආනයනික භාණ්ඩවල ප්‍රමිතීන්ට අදාළ ගැටලු සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

තවද, ආනයනය කරන ලද භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර ඒවා ප්‍රමිතියෙන් යුතු බවට සහතික කර ගැනීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ නියෝග සැලකිල්ලට ගනිමින්, උන්ඩියල් (Undial) සහ හවලා (Hawala) ක්‍රියාකරුවන් පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු තිබේද, සහ මෙකී ක්‍රම මගින් ඇති වන ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා මෙම ක්‍රියාවලිය විධිමත් කර තිබේ ද යන්න කාරක සභාව, පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලෙස නිලධාරීන් කියා සිටියේ උන්ඩියල් (Undial) සහ හවලා (Hawala) ක්‍රියාකරුවන්ට 2025 ජුනි 02ට පෙර මහ බැංකුවේ ලියාපදිංචි වන ලෙස දැනුම් දී ඇති බවත්, ක්‍රියාත්මක වීම සඳහා එවැනි පුද්ගලයින් සිය මූල්‍ය මෙහෙයුම් සිදුකිරීමට පෙර ලියාපදිංචි වීම සිදුකළ යුතු බවයි.

ඒ, අනුව කාරක සභාව රෙගුලාසි අනුමත කළ අතර, ඉහත කී මූල්‍ය කටයුතු හේතුවෙන් ඇති විය හැකි අවදානම් සහ වාසි පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නා.

2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග සැලකිල්ලට ගනිමින් කාරක සභා සාමාජිකයන් තීරණය කළේ ඒ සඳහා අනුමතිය ලබාදීමට පෙර ඒ පිළිබඳව තවදුරටත් විමසා බැලිය යුතු බවයි.

මෙම නියෝග ලෝක බැංකුව සමඟ එකඟ වූ පරිදි අතිරේක බදු (para-tariffs) ඉවත් කිරීම සහ සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ පස් අවුරුදු සැලැස්මේ කොටසක් වනවා.

එමෙන්ම, 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග අනුමත කළ කාරක සභාව, විධිමත් කැසිනෝ නියාමන ක්‍රමවේදයක් පිහිටුවීමට පසුගිය වසර 02 පුරාවට කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැතිවීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළා.

කාරක සභාව විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝගය සහ 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියෝග සලකා බැලීමෙන් පසුව අනුමත කළා.

මෙමඟින් ඕනෑම ලැයිස්තුගත සමාගමකට ශ්‍රී ලංකාවෙන් පිටත ඇමරිකානු ඩොලර් 500,000ක් දක්වා සහ ලැයිස්තුගත නොකළ සමාගමකට ඇමරිකානු ඩොලර් 150,000ක් දක්වා ආයෝජනය කිරීමට හැකියාව ලැබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06