උදේම ගිහින් ඡන්දය පාවිච්චි කරන්න – ඡන්දදායකයින්ට දැනුම්දීමක්

හැකි පමණ කල්වේලා ඇතිව ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් සිය ඡන්දය පාවිච්චි කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ඡන්දදායකයින්ට දැනුම් දෙනවා.

අද (06) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව සඳහන් කළා.

මේ අතර අද දිනය තුළ ඡන්දය ආයාචනය කිරීම, බලපෑම් කිරීම, ඡන්ද ලබා නොදෙන ලෙස සඳහන් කිරීම හෝ එක් එක් පුද්ගලයින් හෝ කණ්ඩායම් ඉලක්ක කරගෙන ඡන්දය සම්බන්ධයෙන් කටයුතු කිරීමෙන් වළකින ලෙස ද ඔහු දැනුම් දෙනවා.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද (06) පෙරවරු 7.00ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී ආරම්භ වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36