උදෑසනම ජීවිතයක් නැසූ සීදූවේ වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවෙයි

අද (23) උදෑසන 7.30ට පමණ සීදූව පොලිස් වසමේ ගලිගන්එළිය හංදිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් සීදූව – රද්දොළුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා රාගම රෝහල වෙත ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ තැනැත්තා පස් ව්‍යාපාරය හා සම්බන්ධව කටයුතු කර ඇති බවත්, මිනුවන්ගොඩ දී පසුගිය දා ඝාතනයට ලක්වූ ‘පස් පොඩ්ඩා’ නැමැ⁣ත්තා සමඟ ද සම්බන්ධතා පවත්වා ඇති බවටත් අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයා අද (23) පෙරවරුවේ ගලිගන්එළිය හංදියට අසන්නයේ පිහිටි කොළ කැඳ අලෙවිකරන ස්ථානයකට කොළ කැඳ පානය කිරීමට පැමිණි අවස්ථාවේ දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමේ දී කොළ කැඳ අලෙවිකරන ස්ථානයේ කාන්තාවගේ දකුණු පදයට ද වෙඩි වැදී ඇති අතර, ඇය රාගම රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත්කර ඇති බව සඳහන්.

පිස්තෝලවර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර සැකකරුවන් පළාගොස් ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සීදූව පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57