spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උදෑසනම ජීවිතයක් නැසූ සීදූවේ වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවෙයි

අද (23) උදෑසන 7.30ට පමණ සීදූව පොලිස් වසමේ ගලිගන්එළිය හංදිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් සීදූව – රද්දොළුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා රාගම රෝහල වෙත ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ තැනැත්තා පස් ව්‍යාපාරය හා සම්බන්ධව කටයුතු කර ඇති බවත්, මිනුවන්ගොඩ දී පසුගිය දා ඝාතනයට ලක්වූ ‘පස් පොඩ්ඩා’ නැමැ⁣ත්තා සමඟ ද සම්බන්ධතා පවත්වා ඇති බවටත් අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයා අද (23) පෙරවරුවේ ගලිගන්එළිය හංදියට අසන්නයේ පිහිටි කොළ කැඳ අලෙවිකරන ස්ථානයකට කොළ කැඳ පානය කිරීමට පැමිණි අවස්ථාවේ දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමේ දී කොළ කැඳ අලෙවිකරන ස්ථානයේ කාන්තාවගේ දකුණු පදයට ද වෙඩි වැදී ඇති අතර, ඇය රාගම රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත්කර ඇති බව සඳහන්.

පිස්තෝලවර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර සැකකරුවන් පළාගොස් ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සීදූව පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?