උදෑසනම ගුරු ජීවිතයක් අහිමි කළ මාරක 13 වන සැතැපුම් කණුව අසළ මාරක අනතුර (ඡායාරූප)

පස්සර – ලුණුගල ප්‍රධාන මාර්ගයේ 13 වන සැතැපුම් කණුව අසල දී මෝටර් රථයක් මාර්ගයට පෙරළී යාමෙන් අද (20) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පාසල් ගුරුවරයෙක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගුරුවරයා මෝටර් රථය තම ගෙවත්තේ සිට පිටුපසට ගැනීමට යාමේදී ලිස්සා ගොස් පහළ මාර්ගයට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මීට වසර දෙකකට පෙර අද වැනි දිනක ( 2021.03.20) ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළී මාරාන්තික අනතුර සිදු වූ ස්ථානයේ දීම මෙම මෝටර් රථ අනතුර සිදුව තිබීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?