spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මස උද්ධමනය 5.8% කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මස 65% ක් ලෙස සටහන් වී තිබූ උද්ධමනය දෙසැම්බර් මස 59.2% ක් දක්වා පහත වැටී ඇතැයි එම වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම නොවැම්බර් මස 69.8%ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය ද දෙසැම්බර් මස 59.3% ක් දක්වා පහත වැටී ඇති බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

නොවැම්බර් මස 60.4%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද දෙසැම්බර් මස 59% ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ සඳහන්.

දෙසැම්බර් මස 59.2% ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් 29.5% ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් 29.6% ක දායකත්වයක් දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?