ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මස උද්ධමනය 5.8% කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මස 65% ක් ලෙස සටහන් වී තිබූ උද්ධමනය දෙසැම්බර් මස 59.2% ක් දක්වා පහත වැටී ඇතැයි එම වාර්තාවේ දැක්වෙනවා.
එමෙන්ම නොවැම්බර් මස 69.8%ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය ද දෙසැම්බර් මස 59.3% ක් දක්වා පහත වැටී ඇති බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.
නොවැම්බර් මස 60.4%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද දෙසැම්බර් මස 59% ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ සඳහන්.
දෙසැම්බර් මස 59.2% ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් 29.5% ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් 29.6% ක දායකත්වයක් දක්වා තිබෙනවා.














KOHE DHA, WENA RATAKA DHA? WENA LOKEKA DHA? MUNTA PISSU, SURANGANA KATHA KIYALA MINISSU RAWATTANNA HADANAWA. DIESEL ADU UNA, BUS GASTHU, PRAWAHANA GASTHU, ELAWALU,MALU,MUS,EGG MILA ADU UNADHA? MUN KAWA DHA ME RAWATTANNA HADANNE. MUN ME KATHA KIYANNE ELECTION EKA TARGET KARALA NEDHA.