උද්දිකගේ වාහනයට වෙඩි තියන්න රංගනයෙන් දායක වූ සහකාර පොලිස් අධිකාරිවරයාගේ දේපොළ රැසක් තහනමට ලක් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ රංගනය මෙහෙයවා ඇති බවට සැක කෙරෙන සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමට අයත් දේපොළ මාස තුනක කාලයකට තහනම් කර තිබෙනවා.

අද (18) පෙරවරුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසිනුයි නියෝගය කරනු ලැබුවේ.

ඒ අනුව සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයාට අයත් අධි සුඛෝපභෝගී වර්ගයේ (BMW) මෝටර් රථයක් ඇතුළු වාහන 03ක් සහ ඉඩම් දෙකක භුක්ති විඳීම මෙලෙස තහනම් කර තිබෙනවා.

සංජීව මහානාම නමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් අයථා ලෙස මුදල් උපයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයථා මුදල් හා දේපොළ උපයා ගැනීමේ විමර්ශන අංශය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ලබන දෙසැම්බර් මස 18 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි එකී තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව CDC 7199 දරණ මෝටර් රථය අංක CAA 8210 දරන මෝටර් රථය හා අංක ALL 9825 දරන ලොරි රථයත් උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම – නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුවරගම් කෝරළයේ පිහිටි අක්කර 04කට අධික ඉඩම් කොටස් සහ සමගිපුර ගම්මානයේ රජයේ ඉඩමකට මායිම්ව පිහිටි අක්කරයකට අධික ඉඩම් කොටස මෙලෙස අධිකරණය විසින් භුක්ති විඳීම හෝ පරිහරණය කිරීම තහනම් කිරීමට ලක් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
10
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23