උතුරේ විහාරස්ථානයක් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන වඩුනාගල රජ මහා විහාරයට පිරිසක් පැමිණ ඊට හානි කර එම ස්ථානයේ ශිව ලිංගයක් තැන්පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් වරයා, පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගල්ගමුවේ සංඝබෝධි හිමියන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, ජීවන් තොණ්ඩමාන්, පුරාවිද්‍යා කොමසාරිස්වරයා ඇතුළු 27 දෙනකු නම් කරනු ලැබ සිටිති.

වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති වඩුනාගල රජ මහ විහාරය පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක් බවත් ඉකුත් අප්‍රේල් මස 1 වැනදා පිරිසක් පැමිණ විහාරස්ථානයට හානි සිදු කර එම ස්ථානයේ ශිව ලිංගයක් තැන්පත් කර ඇති බවත් පෙත්සමේ සඳහන් වේ.

මෙම සිද්ධිය පිළිබඳ පොලිසියට සහ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිලි කළද මෙතෙක් කිසිම පියවරක් ගෙන නොමැති බවත් පෙත්සම්කරුවන් චෝදනා කරති.

මේ තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වගකිව යුත්තන්ට එරෙහිව නඩු පවරන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවන් මෙම ක්‍රියාව තුළින් අදාළ විහාරස්ථානයට සිදු වූ හානිය වෙනුවෙන් වග උත්තරකරුවන් ගෙන් වන්දි අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් වැඩි දුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02