උතුරු පළාතේ මත්පැන් භාවිත කරන්නනන් වැඩිවී ඇති බව සමීක්ෂණයක් මඟින් හෙළි වෙයි.
උතුරු නැඟෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සොයා බැලීම හා ඊට විසඳුම් සෙවීම සඳහා පිහිටුවා ඇති කැබිනට් මණ්ඩල අනුකමිටුවට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මේ බව දැනුම් දී තිබේ. මත්පැන්වලට ඇබ්බැහිවූ එම පිරිස පුනරුත්ථාපනය කිරීම සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකළ යුතු බව ඇමැතිවරයා විසින් එම අනුකමිටුවෙන් ඉල්ලීමක් කර ඇත.













