උතුරේ ගොවි ගැටලු අහන්න ජනපති වෙලට බසීයි (ඡායාරූප)

යාපනය පරන්තන් වෙල්යායේ දී පැවති උතුරු පළාතේ අස්වනු නෙළීමේ අවස්ථාවට අද (12) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වුණා.

ජනාධිපතිවරයා එහි සිටි ගොවීන්ගෙන් වී වගාව සම්බන්ධ ගැටලු පිළිබඳ විමසා බැලූ අතර, එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන බව ද සඳහන් කර සිටියා.

එමෙන්ම වී කිලෝවක් රුපියල් 100ක සහතික මිලකට රජයෙන් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

මේ අතර උතුරු පළාත හා යාපනය දිස්ත්‍රික්කය ලංකාවටම ආහාර සපයා දිය හැකි පළාතක් ලෙස සංවර්ධනය කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීමට රජය කඩිනමින් කටයුතු කළා. ඒ නිසා මෙවර මහ කන්නයේ දී වී අස්වැන්නේ අතිරික්තයක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ අනුව සහල් කිලෝවක් රුපියල් 100ක සහතික මිලකට රජයෙන් මිලදී ගන්න කටයුතු කරනවා. අද බොහෝ පිරිසක් ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳිනවා. අස්වැන්න වැඩිවුණත් සහල් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නැති කොටසක් සිටිනවා. ඒ නිසා පවුල් ලක්ෂ විස්සකට මෙම මාර්තු සහ අප්‍රේල් මාසවලදී සහල් කිලෝ ග්‍රැම් 10 බැගින් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව සිංහල, දෙමළ අලුත් අවුරුදු සමය වන විට ඒ අයට සහල් කිලෝ 20ක් ලැබී තිබෙනවා. දැනට හෙක්ටයාරයකට ලැබෙන්නේ වී මෙට්‍රික් ටොන් 03ක වගේ ප්‍රමාණයක්. අපි ක්‍රියාවට නංවනු ලබන කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන සමඟ හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් හයක්වත් ලබා ගන්න අපට අවශ්‍යයි. හැකිනම් එය මෙට්‍රික් ටොන් 07 දක්වා වර්ධනය කරගත යුතුයි. එම දියුණුව ඇතිකර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය කටයුතු කරනවා. මීට වඩා වී මිලදී ගැනීමේ ක්‍රම සහ ගබඩා කිරීමේ ක්‍රම ඉන් පසුව නිර්මාණය වේවි. ඒ වගේම කුඩා පරිමාණ සහ මධ්‍ය පරිමාණ නවීන හාල් මෝල් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ වසර දෙක තුළදී ඒ කටයුතු සාර්ථක කර ගැනීමට අපිට හැකි වේවි. මේ ප්‍රදේශයට අවශ්‍ය ජල පහසුකම් ලබාදීමට අපි සැලසුම් කර තිබෙනවා. පුනරින් වැව ප්‍රතිසංස්කරණය කිරීමට අපි කටයුතු කරනවා. ඉරනමඩු වැව මේ වනවිට සකස් කර අවසන්. යාපනය දිස්ත්‍රික්කය සහ උතුරු පළාත නැවත රටටම ආහාර සැපයිය හැකි තරම් අස්වැන්නක් ලැබීමට හැකි පළාතක් බවට පත් කිරීමට අපි කටයුතු කරනවා. මීට අමතරව සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමටත් පියවර ගැනීම අපේ අපේක්ෂාවයි.”

WhatsApp Image 2023 02 12 at 3.52.18 PM
WhatsApp Image 2023 02 12 at 3.52.17 PM 2
WhatsApp Image 2023 02 12 at 3.52.17 PM 1
WhatsApp Image 2023 02 12 at 3.52.17 PM
WhatsApp Image 2023 02 12 at 3.52.15 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී ගැන දයාසිරි අතීතය මතක් කරමින් කියූ දේ - ඇයගේ ගීතවලින් අපි පණ ලැබුවේ
02:19
Video thumbnail
සනත් ජයසූරිය මාලනී ගැන කිව්ව දුක්බර කතාව - මට කියන්න වචනත් නෑ - ලොකු පාඩුවක්
01:21
Video thumbnail
“ඇය තමයි අපේ ජාතියේ හඬ පෞරුෂය”
01:22
Video thumbnail
නන්දාමාලනියගෙන් උදාගම්මානයක් හදන්න ගිය සජිත්ට එතුමිය දීපු පිළිතුර අද සජිත් කියයි...
00:39
Video thumbnail
මාලනියට සුනිල් ආරියරත්නයන් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම - ඒ හිතේ කොච්චර දුකක් ඇත්ද ?
00:27
Video thumbnail
සජිත් නන්දා මාලනී ගැන කළ සංවේදි ප්‍රකාශය - මට ආශාවක් තිබ්බා උදා ගම්මානයක් හදන්න
09:35
Video thumbnail
දැයෙන් සමුගත් නන්දා මාලනීයට සමුදෙන්න සජිත් එයි - දේහය ළඟ සජිත් සංවේදී වුණ හැටි
01:16
Video thumbnail
නාමල් වෙනුවෙන් FCIDයට ආ ජොන්ස්ටන් සැරටම කිව්ව දේ - "සෙනඟ දැක්ක ගමන් බයවෙලා ගෙන්වනවා"
02:58
Video thumbnail
බලන්න ඒ මතකයන් කොච්චරනම් සුන්දර ඇතිද..
00:33
Video thumbnail
ටිල්වින් සංවේදී වී කළ ප්‍රකාශය - මාලනී ප්‍රාර්ථනා කරපු ලෝකය දැන් හැදෙනවා
02:06