උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ කැණීම් කටයුතු ආරම්භ කෙරේ (ඡායාරූප)

දකුණු ආසියාවේ දිග ම උමග ලෙස හැඳින්වෙන, උතුරු මැද පළාත් මහ ඇළෙහි දකුණු උමං ද්වාරයේ කැණීම් දෙවන උමං කැණීම් යන්ත්‍රය (TBM -2) මගින් සිදු කිරීමේ සමාරම්භය වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

පොළොන්නරුව පළාතේ මින්නේරිය කොට්ඨාසයේ ප්‍රධාන සංඝ නායක ධුරන්දර, අත්තනකඩවල බුද්ධගයා මහා විහාරාධිපති, අතිපූජ්‍ය කළත්තෑවේ පඤ්ඤානන්ද නාහිමි ප්‍රධාන වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයේ පිරිත් දේශනා මධ්‍යයේ ඇලහැර, කෝඳුරුවාව වැඩබිම් පරිශ්‍රයේ දී සුබ මොහොතින් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම කැණිම් කටයුතු ආරම්භ කෙරුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

වාරිමාර්ග අමාත්‍යාංශයේ” මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන” යටතේ ආසියානු බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක, කිලෝමීටර් 28ක දිගින් යුත් මෙම උමං මාර්ගය දකුණු ආසියාවේ දිග ම උමග ලෙස හැඳින්වෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා රජය වැය කරන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 65,000 ක්.

උමං ව්‍යාපෘතියේ උතුරු ද්වාරයේ උමඟේ කැණීම් කටයුතු 2021 වසරේ අනුරාධපුර, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහමීගස්වැව ගම්මානය ආශ්‍රිත ව ආරම්භ කෙරුණා.

ඒ අනුව පළමු උමං කැණිම් යන්ත්‍ර (TBM – 1) මගින් කිලෝමීටර් 4ක පමණ දුරක් කැණීම් කර අවසන් අතර, මේ වනවිට අඛණ්ඩ ව කැණීම් කටයුතු සිදු කරමින් පවතින බවත් වාර්තා වනවා.

මෙම උමග මාතලේ දිස්තික්කයේ ඇළහැර, මොරගහකන්ද ජලාශයෙන් ආරම්භ වී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර – ගිරිතලේ අභයභූමිය, මින්නේරිය – ගිරිතලේ රක්ෂිතය හා හුරුළු රක්ෂිතය හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහකනදරාව වැව දක්වා ජලය ගෙනයාම සඳහා ඉදිකෙරෙන පෝෂිත ඇළ මාර්ගයක් වන අතර, ව්‍යාපෘතිය මගින් ඉදිකෙරෙන සම්පූර්ණ ඇළෙහි දිග කි.මී.93 ක්.

මෙමගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළුවැව, මානන්කට්ටිය වැව, ඒරු වැව හා මහකනදරාව, නාච්චදූව, තිසා වැව, නුවර වැව යන වැව්වලට අඛණ්ඩ ව වාරි ජල සැපයිමක් ලබා දී, එම වැව් නිසි ලෙස පෝෂණය කිරීම හා මහවැලි පද්ධතිය තුළ දැනට ජල හිඟයෙන් පීඩා විඳින ගොඩබිම් යල සහ මහ දෙකන්නයේම වගා කිරීමටත්, ප්‍රතිලාභී ගොවි ජනතාව ද ඇතුළුව පවුල් 25,000කට පමණ පානීය සහ වාරි ජල පහසුකම් ලබාදීමටත් අපේක්ෂා කෙරෙනු ඇති.

මෙහි ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම ලෙස “China Estate Construction ” සමාගම කටයුතු කරනු ලබන අතර, සම්පූර්ණ උමගේ කැණීම් කටයුතු 2026 වර්ෂයේ දී අවසන් කිරීමට නියමිත ව තිබෙනවා.

මේ අවස්ථාව සඳහා වරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ , වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, ඇළහැර ප්‍රාදේශීය ලේකම් සී. එම්. කරුණාරත්න, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ඉංජි. සුනිල් පෙරේරා, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජි. නිහාල් රූපසිංහ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය , නේවාසික ව්‍යාපාර කළමනාකාර (මොරගහකන්ද) ආර්.එම්.කේ.බී. රන්දෙණිය, නේ.ව්‍යා. කළමනාකාර (හුරුළුවැව) උභය කල්‍යාන කුමාර ඇතුළු මහවැලි හා ව්‍යාපෘති කාර්යාල නිලධාරීන්, මෙන් ම “China Estate Construction” ආයතනයේ නිලධාරීන් ද, ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගී ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48