උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ උත්තර්කාෂි ප්‍රදේශයේ ඇතිවූ වැසි කුණාටුවක් සමඟ හටගත් මඩ නායයාමක් සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 04 දෙනේකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දීය මධ්‍ය වාර්තා කරන්නේ තවත් බොහෝ පිරිසක් මෙම සිද්ධියෙන් අතුරුදන්ව ඇති බවයි.
අතුරුදන් වූවන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උත්තරාකන්ඩ් ප්‍රධාන අමාත්‍ය පුෂ්කර් සිං ධාමිට උපදෙස් දී ඇත්තේ විපතට පත් ජනතාවට උපකාර කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලෙසටයි.
ගලවා ගැනීමේ කටයුතු සඳහා ඉන්දු-ටිබෙට් දේශසීමා පොලිසියේ සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා මෙම කණ්ඩායම් කාලයට එරෙහිව තරඟ කරමින් සිටින බව ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.
පවතින මෝසම් කාලයේදී උත්තරාකන්ඩ් ප්‍රාන්තයට තද වැසි ඇද හැලෙන අතර, හරිද්වාර් හි ගංගා ඇතුළු ප්‍රධාන ගංගා ගංවතුරෙන් පිරී ඉතිරී ගොස් ඇති බවයි වාර්තා වුණේ.














Very unfortunate natural disastrous many people are missing there is not much time to evacuate or think about it. We pray to god to protect the human lives 🙏