spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උතුම් වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

උතුම් වප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

බෞද්ධ ජනතාවට මෙම වප් පුර පසළොස්වක පොහොය කරුණු කීපයක් හේතුවෙන් වැදගත්කමක් ගනු ලබනවා.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම, මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම, සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවකරවා ගැනීමට අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම, අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම වැනි ශාසනික වශයෙන් වැදගත් කරුණු රැසක් මෙම පොහොය දිනය තුළ දී සිදුව තිබීම විශේෂත්වයක්.

එමෙන්ම පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය මෙම වප් පුරපසළොස්වක පොහෝ දිනයයේ දී සිදුවෙන තවත් සුවිශේෂී කටයුත්තක්.

මෙවැනි ශාසනික සහ ආගමික කටයුතු හේතුවෙන් වැදගත්කමක් ගන්නා වප් පුපසළොස්වක පොහෝ දිනය නිමිත්තෙත් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල වැඩසටහන් රැසක් අද දිනයේ දී ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?