spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් සමරණු ලබන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

මෙරට ජන සමාජය සමාජ,සංස්කෘතික සහ ආගමික ,අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා ඓතිහාසික සුවිශේෂී සිදුවීම අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වුණා.

එදා දෙවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් වීම ඒ සුවිශේෂී වූ සිදුවීමයි.

එවක් පටන් බෞද්ධයො විසින් පොසොන්පුර පෝය දිනය ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් ම්හිඳු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ නිරත වනවා.

අදට දී ඇති පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා ඇති බෞද්ධ වෙහෙර විහාරස්ථානවල විශේෂිත ආගමික කටයුතු සංවිධානය වී තිබෙනවා.

එමෙන්ම සමස්ත සිවයිනම ආවරණය වන පරිදි දන්සැල් ද සංවිධානය කර තිබීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?