උත්සව සමයේ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා විශේෂ මෙහෙයුම්

උත්සව සමයේ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවී ඇතැයි පොලිසිය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ කණ්ඩායම් ඒකරාශී වී හෝටල්වල පවත්වන සාද අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය ජාවාරම් සිදු කිරීමට අවස්ථාවක් කර ගන්නා බවයි.

විශේෂයෙන් බස්නාහිර පළාත ද ඇතුලුව නගරාසන්න ප්‍රදේශවල සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සංවිධාන කරන සාද සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසට බුද්ධි අංශවලට ද උපදෙස් ලබාදී තිබෙනවා.

එවැනි තොරතුරු ලබාගෙන වැටලීම් සිදුකරන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

මෙවැනි සාද හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් පොලිසියට දැනුම්දෙන ලෙසට ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර විශේෂයෙන් පාසල් අවට බුද්ධි අංශ නිලධාරීන් යොදවා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් මෙම කාලසීමාවේ විශේෂ අවධානයක් යොමුවී ඇති බවයි ඔහු කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14