spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උත්සව සමයේ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා විශේෂ මෙහෙයුම්

උත්සව සමයේ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවී ඇතැයි පොලිසිය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ කණ්ඩායම් ඒකරාශී වී හෝටල්වල පවත්වන සාද අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය ජාවාරම් සිදු කිරීමට අවස්ථාවක් කර ගන්නා බවයි.

විශේෂයෙන් බස්නාහිර පළාත ද ඇතුලුව නගරාසන්න ප්‍රදේශවල සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සංවිධාන කරන සාද සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසට බුද්ධි අංශවලට ද උපදෙස් ලබාදී තිබෙනවා.

එවැනි තොරතුරු ලබාගෙන වැටලීම් සිදුකරන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

මෙවැනි සාද හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් පොලිසියට දැනුම්දෙන ලෙසට ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර විශේෂයෙන් පාසල් අවට බුද්ධි අංශ නිලධාරීන් යොදවා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් මෙම කාලසීමාවේ විශේෂ අවධානයක් යොමුවී ඇති බවයි ඔහු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?