උත්සව සමයේ දියේ ගිලී මියගිය සංඛ්‍යාව තවත් ඉහළට – ගිලෙන්න ගිය දරු දෙදෙනා බේරන්න ගිය පුද්ගලයෙකුත් මරුට

පසුගිය 12 වනදා සිට ආරම්භ වූ උත්සව සමයේ දියේ ගිලී මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා.

එහි ආසන්නතම සිදුවීම් දෙකක් ඊයේ (17) දිනයේ මිහින්තලය පොලිස් වසමේ මරදන්කුලම ප්‍රදේශයෙන් සහ දෙහිඕවිට පොලිස් වසමේ හිඟුරලකන්ද ප්‍රදේශයෙන වාර්තා වනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (17) දහවල් මිහින්තලය පොලිස් වසමේ මරදන්කුලම වැවේ පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 55ක මරදන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම පුද්ගලයා මිතුරෙකු සමඟ මරදන්කුලම වැවට ගොස් සිටින අවස්ථාවේ දිය නාමින් සිටි මරණකරුගේ පුත්‍රයා සහ තවත් දරුවෙකු දියේ ගිලෙනවා දැක එම පුද්ගලයා වැවට පැන දරුවන් බේරාගැනීමට යාමේදී දියේ ගිලී මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අවුරුදු 11 හා 12 වයස්වල පසු වන දරුවන් දෙදෙනාට අනතුරක් සිදුව නැහැ.

මේ අතර ඊයේ (17) දහවල් දෙහිඕවිට පොලිස් වසමේ හිඟුරලකන්ද ප්‍රදේශයේ දී සීතාවක ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට දෙහිඕවිට පොලිසිය පවසනවා.

මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ අවරුදු 17ක තරුණයෙක්.

මෙම තරුණයා ඔහුගේ ඥාතීන් පිරිසක් සමඟ දෙහිඕවිට ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ සීතාවක ගඟේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

දෙහිඕවිට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මෙම අවාසනාවන්ත සිද්ධීන් දෙකත් සමඟ පසුගිය 12 වනදා සිට ඊයේ (17) දිනය දක්වා දියේ ගිලී මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39