spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උත්සව සමයේ ඔබ මේ දේවල් ගැන අවධානයෙන්ද ?

සොරුන් සහ කොල්ලකරුවන්ගෙන් ප්‍රවේසම් වී නිරතුරුව අවධානයෙන් යුතුව භාණ්ඩ ආදිය මිලට ගැනීමේ කටයුතු වල නිරත විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව, කොළඹ අද (06) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව සදහන් කළේ.

එමෙන්ම ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරන බැවින් ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් මෙන්ම වෙළඳුන්ද අවදානයෙන් පසුවිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.

උත්සව සමය ආවරණය වන පරිදි දිවයින පුරාම දැඩි ලෙස රථ වාහන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් , මාර්ග නීති වලට අනුකුලව රිය පැදවීම අනිවාර්ය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?