ලංකා සතොස මඟින් උත්සව සමය ඉලක්ක කරගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 07ක මිල ගණන් තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, අනුව එම භාණ්ඩ අඩු කළ මිලට අද (23) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බවයි එම ආයතනය සඳහන් කළේ.
ලොකු ලූණු කිලෝවක් රුපියල් 5.00 කින්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 11.00 කින්, සුදු සීනි කිලෝවක් රුපියල් 6.00 කින්, අර්තාපල් කිලෝවක් රුපියල් 5.00 කින්, වියළි මිරිස් කිලෝවක් රුපියල් 15.00 කින්,දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) රුපියල් 15.00 කින් සහ හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 50.00 මෙලෙස මිල අඩුකළ භාණ්ඩ අතරට අයත්.













