උත්සව සමයට සතොසෙන් සහනයක්

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5ක මිල අඩුකර තිබෙනවා.

හෙට (21) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් අඩු කර ඇත්තේ එළඹෙන නත්තල් උත්සව සමය වෙනුවෙන්.

ලංකා සතොස නිවේදනය කළේ දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම මිල ගණන් යටතේ භාණ්ඩ ලබාගත හැකි බවයි.

මේ අනුව බී ලූනු කිලෝවක් රුපියල් 185ක් දක්වා රුපියල් 5කින් මිල අඩුකර තිබෙනවා.

රතු පරිප්පු කිලෝවක් රුපියල් 7කින් මිල අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 378ක්.

දේශීය ටින් මාළු කිලෝවක මිල රුපියල් 10කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 480ක්.

කිලෝවක් සතොස මගින් රුපියල් 1780ක මිලකට ලබාගත හැකි අතර එහි මිල අඩුකර ඇත්තේ රුපියල් 15කින්.

තායි හාල්මැස්සෝ කිලෝවක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1110ක්.