උණාකූරුවේ වෙඩික්කරුවන්ගේ ඇඳුම් පැළඳුම් කිහිපයක් දික්වැල්ලෙන් සොයාගැනේ

තංගල්ල, උණාකූරුව ප්‍රදේශයේ ඊයේ (19) පස්වරුවේ වෙඩි තබා ද්විත්ව ඝාතනයක් සිදුකළ සිද්ධියේ වෙඩිකරුවන්ගේ බවට සැක කෙරෙන හෙල්මට් 02ක්, ජැකට් 01ක්, සපත්තු ජෝඩුවක්, මේස් ජෝඩුවක්, ඩෙනිම් කලිසමක් සහ අත්දිග ෂර්ට් එකක් සොයාගෙන තිබෙනවා.

දික්වැල්ල, බතීගම ප්‍රදේශයේ දමාගොස් තිබිය දී මේවා හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර ඝාතනය සිදුවූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (20) තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් සිදුකරනු ලැබුවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘතදේහ දෙක පශ්චාත් මරා පරීක්ෂණය සඳහා තංගල්ල මූලික රෝහල වෙත යොමු කිරීමට නියෝග කෙරුණා.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් හතරක පමණ දුරකින් තංගල්‍ල – මාතර ප්‍රධාන මාර්ගයේ සීනිමෝදර ප්‍රදේශයේ දමා ගොස් තිබීදී පොලිසිය මෙම යතුරුපැදිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

තංගල්ල පොලිස් වසමේ උනාකූරුව ප්‍රදේශයේ වෙළදසැලක් පවත්වා ගෙන ගිය අඹු සැමි යුවලකට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඊයේ (18) ඝාතනය කෙරුණු අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 58ක කාන්තාවක් සහ වයස අවුරුදු 68ක පිරිමි පුද්ගලයෙක්.

මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි සාමාජිකයෙක් වන උණාකූරුවේ ශාන්ත නැමැත්තාගේ මාමා සහ නැන්දණියක බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34