උඩු ගුවනේ දී භික්ෂුන් වහන්සේගේ මුදල් සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනා මාට්ටු

රුපියල් හාර ලක්ෂ අනූ තුන් දහස් අට සිය පනස් පහක් වටිනා විදේශීය මුදල් තොගයක් , ගමන් ගනිමින් තිබූ ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙක් ඊයේ (25) දින කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීගල්ලේ මහින්ද හිමි ගුරු වෘත්තීයේ නිරත, පේරාදෙණිය ප්‍රදේශයේ විහාරයක වැඩ වාසය කරනු ලබනවා.

මෙම හිමියන් ඊයේ 25 දින උදෑසන 10.05 අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් යානය කටුනායක බළා ඉහළ අහසේ ගමන් කරමින් තිබියදී , සිය ශරීර කෘත්‍ය සදහා වැසිකිළියට ගොස් ඇති අතර, එම ඇසිල්ලේ ගුවන් යානය තුළ වූ චීන ජාතිකයන් දෙදෙනෙක් , උන් වහන්සේගේ ආසනය වෙත පැමිණ , එහි රාක්කයක තබා තිබූ ගමන් මල්ල තුළට අත දමා තිබෙනවා.

ඒ මොහොතේ භික්ෂුන් වහන්සේ පැමිණීමත් සමග චීන ජාතිකයන් එතැනින් පළා ගොස් තිබූ අතර මේ පිළිබද වැඩිදුර සොයා බැළීමක් එම හිමියන් එම අවස්ථාවේ සිදු කර නැහැ.

පසුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් පසුව , සිය නිශ්කාශන කටයුතු සදහා අවශ්‍ය ලියකියවිලි සොයත්දී ගමන් මල්ල තුළ වූ විදේශ මුදල් තොගය නොමැති බව අනාවරණය වී තිබෙනවා.

ඒ තුළ යූරෝ 250 ක්, ස්ටර්ලින් පවුම් 100 ක්, ඇමෙරිකානු ඩොලර් 250 ක් සහ මැලේසියානු රිංගිට් 3,850 ක් ද පවතී බවයි වාර්තා වන්නේ .

වහා ක්‍රියාත්මක වූ හිමියන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ මේ පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර , පොලීසිය ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය සදහා හිමියන් ද සමග පැමිණ තිබෙනවා.

එහිදී එම චීන ජාතිකයන් වහ වහා ගුවන් තොටුපොළෙන් ත්‍රිරෝද රථයක නැගී පළා යන දර්ශන දැක ගත හැකි වූ අතර , ගුවන් තොටුපොළ ත්‍රීරෝද රථ සංගම් වල සහායෙන් එම ත්‍රීරෝද රථය හදුනා ගෙන , චීන ජාතිකයන් දෙදෙනා , එම විදේශීය මුදල් තොගය සමග අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා .

පසුව සිදු කළ ප්‍රශ්ණ කිරීම්වලදී මෙම මුදල් රැගෙන මෙම චීන ජාතිකයන් දෙදෙනා අද (26) දින කොළඹ කැසිනෝ ක්‍රීඩාව සදහා සැළසුම් කර තිබූ බව අනාවරණය කර ගත් බව පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති චීන ජාතිකයන් වන්නේ 31 හැවිරිදි චෙන් මින් මින් සහ 58 හැවිරිදි චෙන් ක්‍රියු නැමැත්තන්‍ දෙදෙනෙක්.

මෙම ත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් සිදු කරනු ලබනවා.
අද (26) දින මෙම චීන ජාතිකයන් දෙදෙනා කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23