උඩුවේරිය වැවේ දිය නෑමට ගිය 17 හැවිරිදි තරුණයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට

මහව පොලිස් වසමේ උඩුවේරිය වැවේ ඊයේ (16) දින උදෑසන දිය නාමින් සිටි තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 17 ක් වූ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ තරුණයා ඥාති නිවසකට පැමිණ උඩුවේරිය වැවේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මහව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !