spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩුමහලේ කරගෙන ගිය ගංජා වගාව වැටලූ STF මෙහෙයුම (වීඩියෝ)

නිවසක උඩුමහලක ඉතා සුක්ෂම අයුරින් සිදුකරගෙන ගිය ගංජා වගාවක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් වටලා තිබෙනවා.

බණ්ඩාරවෙල, ඉහළ කහත්තේවෙල ප්‍රදේශයේ නිවසක උඩුමහලේ ගංජා වගාවක් සිදුකරගෙන යන බවට ලද තොරතුරක් මත අද (04) පෙරවරුවේ මෙම වැටලීම සිදුකනු ලැබුවා.

එහිදී ඉතා සූක්ෂම අයුරින් වගා කරන ලද අඩි 05ක් පමණ උසකට වැඩුණු ගංජා පැල 14ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකා සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා 41 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

https://youtu.be/nJ8A-FN6msE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?