උක් ගොවීන්ගේ සියලු මුදල් නිසි පරිදි ගෙවා අවසන් කරන්න ජනපතිගෙන් උපදෙස්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

මෙරට දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයේ සහ නිෂ්පාදන අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීමත්, ජාතික ආර්ථිකයට වන ව්‍යවසායකත්ව දායකත්වය ඉහළ නැංවීම හා වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වන ආදායම ඉහළ නංවා ගැනීමත් අරමුණු කර ගනිමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන මගින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු, අභියෝග මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

ඒ, අනුව කර්මාන්ත කලාප පිහිටුවීම, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ණය සහන ලබාදීම සහ අපනයන ක්ෂේත්‍රයේ පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා.

කර්මාන්ත අංශ දියුණු කිරීම සඳහා ඉහළ බලපෑමක් සහිත ඉඩම් සංවර්ධනය කර කර්මාන්තකරුවන්ට ලබාදීමේ දී දැනට පවතින ක්‍රමවේදය යටතේ කර්මාන්තකරුවන්ට මෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයට ද මුහුණදීමට සිදුව ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් සහන ණය ලබාදීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, එම ගැටලු විසඳා ගැනීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු කිරීම පිළිබඳව ද සාකච්ඡා වුණා.

කතාබහට ලක්ව ඇති සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් නිසි පරිදි ගෙවා අවසන් කිරීම කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

කර්මාන්ත අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන විසින් දැනට සපයනු ලබන සේවාවන් නිශ්චිත ලෙස හඳුනාගෙන ඒ සඳහා පිහිටුවා ඇති සියලු ආයතන ක්‍රියාකාරිත්වය මත ඒකාබද්ධ කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත්, තවදුරටත් මහජනතාවට ලබාදිය යුතු සේවාවන් පිළිබඳ සොයා බලා සැලසුම් ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12