ඊශ්‍රායල හමුදා ගොඩබිම් ප්‍රහාර පුළුල් කිරීමත් සමග ගාසා හි දරුණු ගැටුම්

ඊශ්‍රායල හමුදා අද අලුයම ගාසා තීරයට ඇතුල් වීමත් සමගින් එහි මේ වනවිට දරුණු ගැටුම් හටගෙන ඇති බවට වාර්තා වනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි ඊශ්‍රායල හමුදා දැවැන්ත ගොඩබිමි ප්‍රහාර මාලාවක් ගාසා තීරයට එල්ල කරමින් සිටිනවා.

ප්‍රබල ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර දකුණු ගාසා තීරය වසා ගනිමින් එල්ල වන බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව ඊශ්‍රායල හමුදා යුද ටැංකි ආධාරයෙන් පලස්තීන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීම කළ ද, එහි ජීවත් වන සිවිල් වැසියන් ව ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් ඊශ්‍රායලයට සහ පලස්තීනයට ජාත්‍යන්තරයෙන් දැනුම්දී තිබෙනවා.

පලස්තීන සිවිල් වැසියන්ට ඉන්ධන, ආහාර සහ පිරිසිදු ජලය අවශ්‍ය ව ඇති ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් පුළුල් කරමින් පසුගිය දින කිහිපය තුළ සටන්කාමී ඉලක්ක 600කට වඩා පහර දුන් බවටයි ඊශ්‍රායල හමුදාව පැවසුවේ.

ගාසා නගරයට යටින් ඇති උමං මාර්ගවල සැඟවී සිටින හමාස් සටන්කාමීන් දුසිම් ගණනක් සමූල ඝාතනය කළ බව ද ඊශ්‍රායලය වැඩිදුරටත් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43