ඊශ්‍රායල-ගසා ගැටුම් තවත් උග්‍ර අතට – මියගිය පිරිස දහස ඉක්මවයි

හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ ඇති වූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව දහස් ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.

මේ අතර ඊශ්‍රායලයේ පළිගැනීමේ ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 123,000ක් පමණ අවතැන් වී සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා තීරයේ අවසාන බල ප්‍රභවය වන එහි එකම බලාගාරයේ ඉන්ධන දින කිහිපයකින් අවසන් විය හැකි බවයි.

ඊයේ රාත්‍රියේදීත් පලස්තීන ගාසා තීරයේ සිට දකුණු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරයට ඉරානය “සම්බන්ධ නොවූ” බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට එහි දූත පිරිසක් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් හමාස් සංවිධානය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ සති අන්තයේ අලුයම, ප්‍රහාරය දියත් කිරීමට ඉරානයේ සහාය උපකාරී වූ බවයි.

ඉරානය වසර ගනනාවක සිට හමාස් සංවිධානයට සහාය දක්වන අතර එහි සටන්කරුවන්ට ආයුධ සහ පුහුණුව ලබාදෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර එක්සත් ජනපදය සිය ගුවන් යානා වාහක නෞකාව ඊශ්‍රායලයට සමීප කර ඇති අතර, තවත් ආයුධ ලබාදෙන බවට ද ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරි පැය 48 තුළ ඊශ්‍රායලය ගාසා තීරයට ගොඩබිම් ආක්‍රමණයක් දියත් කරනු ඇතැයි එක්සත් ජනපද නිලධාරීන් අපේක්ෂා කරනවා.

මේ අතර මෙම ගැටුම් හේතුවෙන් බොරතෙල් මිලද සඳුදා දිනයේ ඉහළ ගීස් ඇති බවයි වාර්තා වුණේ.

  1. MEKEN WENNE GAZA STIPE EKATH PALASTIE AYATA AHIMI WENA EKA. PERATH MEHEMA ATHI UNA SATAN WALIN UNE PALASTINE BIMA ISRAEL ALLA GANIPU EKA. EKEN PALASITE KUDA UNA ISRAEL WISHALA UNA. KOHOMATH ISRAEL THAMAYI AKRAMANIKAYA. PALASTINE KIYANNE UPAN BIME AYITHIYA BATAHIRA EWUN MADHHATHWELA ISRAEL AYATA MANKOLLA KALA DEEPU RATAK. NOTHIBUNA RATAK BALEN ATHI KALA UPAN BIMENPALASIT AYA MRALA ELAWALA DALA. WESTERN USA UNGE AMMAGE DEMOCRACY. PISSU BALLO, DAN LOKEMA GINI GANNAWA. UN SEPATA INNAWA.