spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබේ (වීඩියෝ)

මගී අවශ්‍යතාව අනුව පහසුකම් සැපයීම මෙන්ම ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේ දී සිදුවන ප්‍රමාදය වැළැක්වීම සඳහා ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යනුවෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට ඊයේ (15) දින අත්සන් තැබුණා.

ගිවිසුම ඊශ්‍රායල ගමනාගමන අමාත්‍යවරිය සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය අතර අත්සන් කෙරුණු අතර, මෙහිදී දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර පවතින සේවා ගිවිසුමට අනුව මගීන්ට අවශ්‍යතාව අනුව පහසුකම් සැපයීම මෙන්ම මෙරට ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේ දී සිදුවන ප්‍රමාදය වැළැක්වීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?