ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව බලා යෑමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව ඉන්දියා රජය විසින් ඉල්ලුම්කරන ලද ඉන්දියා ජාතිකයන් තම රටට රැගෙන යාම සඳහා ජෝර්දානයේ අම්මාන් නගරයේ සිට නවදිල්ලි ගුවන් තොටුපොළ දක්වා වරින්වර ගුවන් යානා යොදවන බව ඊශ්‍රායලයේ සිටින ඉන්දීය තානාපතුතුමා ප්‍රකාශ කළ බවයි ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසන්නේ.

මෙම ගුවන් මාර්ගය භාවිත කර අම්මාන් ගුවන්තොටුපොළ හා නවදිල්ලි ගුවන් තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට යෑමට අපේක්ෂා කරන පිරිස් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ ලියාපදිංචි වන ලෙසයි දැනුම් දෙන්නේ.

මේ අතර ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාව බලා පිටත්වීමේ අපේක්ෂාවෙන් තිදෙනෙක් පැමිණි බවත්, තානාපති කාර්යාලය ඔවුනට අවශ්‍ය ලියකියවිලි සකස් කර දී, ඔවුන් TABA දේශ සීමාව ඔස්සේ කයිරෝ ගුවන්තොටුපොළ දක්වා ගොස් කොළඹ බලා යාමට නියමිත බවයි පවසන්නේ.

ඔවුන්ගේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරන බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.

මේ අතර ඊශ්‍රායලයේ සාමාන්‍ය ජන ජීවිතය සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මකවන බවත්, වෙළඳසැල් විවෘතව පවත්න බවත් තානාපති කාර්යාලය සඳහන් කරනවා.

රජයේ අත්‍යවශ්‍ය සේවා නිසි පරිදි ක්‍රියාත්මක වන බවත්, කෙසේ වෙතත් මහජන රැස්වීම්, 20 දෙනෙකුට වඩා සහභාගී වන උත්සව සඳහා සීමාවන් පැනවීම තවමත් ක්‍රියාත්මක බවයි දැනුම් දෙන්නේ.

එමෙන්ම පාසල් හා විශ්ව විද්‍යාල ක්‍රියාත්මක නොවන අතර සිසුනට අන්තර්ජාලය හරහා ඉගැන්වීම් සිදුකරන බවයි පවසන්නේ.

මේ අතර ඉරාන – ඊශ්‍රායල් යුද්ධයේ 10 වන දිනය උදාවෙද්දී පසුගිය පැය 24ක් කාලය තුළ ඉරාන ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳව වාර්තා වුව ද තදබල ප්‍රහාරයන් පිළිබඳව වාර්තා නොවන බව ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14