ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීම් කිහිපයක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් විශේෂ දැනුම්දීම් කිහිපයක් සහ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

තානාපති කාර්යාලය පවසන්නේ ටෙල්-අවිව්, හයිෆා හා ජෙරුසෙලම් නාගරික කලාපයන් ඉරානය විසින් ඊයේ (16) දහවල් සහ රාත්‍රී කාලයේ එල්ල කළ මිසයිල ප්‍රහාරවල ප්‍රධානතම ඉලක්කයන් වූ බවයි.

මේ අතර ඉරාන මිසයිල ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙක් මේ වනවිට තුවාල ලබා ඇති බවයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.

තානාපති කාර්යාලය සිදුකළ දැනුම්දීම් සහ උපදෙස් පහතින්.

  1. ඊශ්‍රායලයේ සේවය කරන සියලුම විදේශ සේවකයන්ට ආරක්‍ෂිත තොරතුරු හා මිසයිල ප්‍රහාර පිළිබඳව පුරවා තොරතුරු ඇතුළත් ආරක්ෂක අමාත්‍යංශයේ තොරතුරු App තම ජංගම දුරුකථනයට ඇතුළත් කරගන්න ලෙස හා ඔවුන් යාවත්කාලින කරන උපදෙස් අනුව කටයුතු කරන මෙන් PIBA ආයතනය (Population and Immigration Authority) දැනුම් දී ඇති බව.
  2. ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් හතරදෙනාගේ තත්වය යහපත් අතර නැවත ඔවුනට සේවය කිරීමේ අවස්ථාව දින කීපයක් තුළ ලැබෙනු ඇත. මීට අමතර තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු පදිංචි ස්ථාන පිපිරීමට ලක්ව තිබෙනවා. ඔවුනට අලුත් නවාතැන් ලබාදීමට ඔවුන් සේවය කරන සමාගම කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන කාර්යය මණ්ඩල සාමාජිකයෙකු පදිංචි නිවාසයකට ද හානි සිදුවී තිබෙනවා. එහෙත් ඇයට අනතුරක් සිදුව නැහැ.
  3. හදිසි අවශ්‍යතා මත ඊශ්‍රායලයෙන් පිටත්ව යන පිරිස ඊශ්‍රායලයේ දකුණුදිග ප්‍රධාන නගරය වන Eilat නගරය හරහා ජෝර්දානය හා ඊජිප්තුව වෙත ගමන් කොට කයිරෝ හා අම්මාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් හරහා පිටත්වීමට හැකියාව පවතිනවා.
  4. ඊශ්‍රායලයට ගුවන් යානා ගමන් නොකිරීම හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලාංකිකයන් ඉල්ලා ඇති ගුවන් ගමන් බලපත් ලැබීම ප්‍රමාද විය හැක. එහෙත් අදාළ රාජ්‍ය තාන්ත්‍රික ගමන් මල්ල ඊජිප්තුව හරහා DHL සමාගම මගින් ලබාගැනීමට සාකච්ඡා කරනු ලැබුවා.
  5. පවතින ප්‍රවාහන ගැටළු හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල යම් යම් ආහාරවල හිඟතාවයක් ඇතිවිය හැක. ඒ හේතුවෙන් අවම වශයෙන් සතියකටවත් අවශ්‍ය අහාර ළඟ තබාගන්න ලෙස උපදෙස් දෙනවා.
  6. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ඊශ්‍රායලයට සිදුවූ ප්‍රහාර පිළිබඳ ප්‍රමාණය ඉක්මවා තොරතුරු විකාශනය කිරීම් හේතුවෙන් ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගේ ලංකාවේ සිටින සමීපතමයන් අනවශ්‍ය ලෙස කලබල වී තිබෙනවා. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහි සිටින ශ්‍රි ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබදව තොරතුරු යාවත්කාලින කරන අතරම ශ්‍රී ලාංකිකයන් පිළිබදව දවස පුරා අවධානයෙන් පසුවනවා.
  7. ශ්‍රී ලංකාවට ගොස් සිටින පිරිසට නැවත ඊශ්‍රායලය පැමිණීමට ඊජිප්තු හරහා ගමන් කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ඔවුනට ඊජිප්තුව සඳහා අවශ්‍ය වීසා ලබාගැනීමට තානාපති කාර්යාලයේ සහාය ලබාගත හැකියි.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12