ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් විශේෂ දැනුම්දීමක්

ජෝර්දාන දේශ සීමා ඔස්සේ ඊශ්‍රායාලයට ඇතුළු වීමේ චෝදනා මත අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බවට තහවුරු වූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

ඔවුන් දෙදෙනා යළිත් ජෝර්දානයට හරවා යවන තෙක් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බවයි වාර්තා වන්නේ.

නිමල් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ මිනිස් ජාවාරම්කරුවන් විසින් ජෝර්දානයේ සිට ඊශ්‍රායලය වෙත රැගෙන එන ලද මෙම ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙනා උතුරු ඊශ්‍රායලයේ දේශසීමාව අසලදී අත්අඩංගුවට පත්ව ඇති බවයි.

ප්‍රදේශයේ ජෝර්දාන සහ ඊශ්‍රායල් නිලධාරීන් ඒකාබද්ධව සිදු කරන ලද සෝදිසි කිරීමේ දී මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට පත්වූ බව සඳහන්.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මේ සම්බන්ධයෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ප්‍රියංගිකා විජේගුණසේකර මහත්මියගෙන් ද දුරකතනයෙන් විමසීමක් කර තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට ඉක්මනින්ම කටයුතු කරගෙන යන බව ද තානාපතිවරයා සඳහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 40ක් 50ක් අතර මුදලක් ලබාගෙන ශ්‍රී ලංකාව, ජෝර්දානය හා ඊශ්‍රායලය තුල ස්ථානගත වූ මිනිස් ජාවාරම්කරුවන් ඊශ්‍රායලයේ රැකියා ඇති බව පවසමින් සංචාරක වීසා මත පුද්ගලයන් රැගෙන ඒමේ ජාවාරමක් ක්‍රියාත්මක බවයි.

ඔවුන් ශ්‍රී ලාංකිකයන් රැගෙන එන්නේ අදාළ මුදලින් කොටසක් ලබා ගනිමින් ඉතිරි කොටස රැකියාවක් කිරීමෙන් පසු ලබාගැනීමේ පොරොන්දුව ද සමගින්.

අදාළ මුදල් ලබා දෙන තෙක් ශ්‍රී ලාංකිකයන්ගේ ගමන් බලපත්‍ර ඔවුන් භාරයේ තබා ගැනීමටයි ජාවාරම්කරුවන් කටයුතු කරනු ලබන්නේ.

මෙලෙස පැමිණෙන පිරිස අතර දරුවන් සමඟ පැමිණෙන පවුල් ද වන බව නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

මෑතකදී එසේ පැමිණි පවුලක මව පියා හා දරු දෙදෙනෙකු වූ අතර පියා හා පුත්‍රයා ඊශ්‍රායල් ආගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවල් කර තිබෙනවා. මවත් දියණියත් ඊශ්‍රායලයේ අනවසරයෙන් වීසා නොමැතිව ජීවත් වන බවයි තානාපතිවරයා අනාවරණ කළේ.

බොහෝ විට ඔවුන් තම ගමන් බලපත්‍ර නැතිවූ බව පවසමින් නව ගමන් බලපත්‍ර ලබා ගැනීමට තානාපති කාර්යාලයට පැමිණියත් වලංගු ගමන් බලපත්‍රයක් දරන අයෙකුට තවත් ගමන් බලපත්‍රයක් ලබා දීම නිතිය අනුව කළ නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.

මෑතක දී හමාස් ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලාංකිකයා ද එලෙස අනවසරයෙන් ඊශ්‍රායලයට මිනිස් ජාවාරම්කරුවන් විසින් රැගෙන එනු ලැබූ පුද්ගලයෙක්.

ප්‍රහාරයට ලක්වූ විදේශිකයන්ට වන්දි මුදලක් හිමිවුව ද වීසා බලපත්‍රයක් නොමැතිව පැමිණීම හා අනවසරයෙන් ඊශ්‍රායලයේ ජීවත්වීම හේතුවෙන් ඔහුට කිසිඳු වන්දි මුදලක් හිමි වන්නේ නැහැ.

මිනිස් ජාවාරම්කරුවන් විසින් රැගෙන එන පුද්ගලයන් විසින් අදාළ ජාවාරමට හසුවූ ශ්‍රී ලාංකිකයන්ගෙන් හිඟ මුදල් ඉල්ලා ශාරීරික හා මානසික පීඩා කරන අවස්ථාවන් ද වාර්තා වී ඇතැයි තානාපතිවරයා සඳහන් කළා.

මෙලෙස ඊශ්‍රායලයට අනවසරයෙන් රැගෙන එන ලද හා සංචාරක වීසා මත රැගෙන එන පුද්ගලයන්ගේ ගණන 800ත් 1000ත් අතර වන බවටයි ගණනය කර ඇත්තේ. ඔවුන් අත්අඩංගුවට පත් වුවහොත් සිදුවන්නේ පිටුවහල් කිරීමයි.

අත්අඩංගුවට පත්වූවන් හඳුනා ගැනීම සඳහා තානාපති කාර්යාලයට පැමිණි පසු ඔවුන් පවසන්නේ තමන් පොලියට මුදල් ගෙන, ඉඩම් උකස් තබා රුපියල් ලක්ෂ 40-50 තමා රැගෙන ආ පුද්ගලයන්ට ගෙවා ඇති බැවින් ශ්‍රී ලංකාවට නැවත යා නොහැකි බවත් ලංකාවට යාමට සිදුවුව හොත් දිවි නසාගන්නා බවයි.

තානාපති කාර්යාලය මෙවැනි පුද්ගලයන් කෙරෙහි කළ හැකි නීත්‍යනුකුල උදව් ලබා දුන්න ද නීතියෙන් පිට ඔවුනට උදව් කිරීමේ අවකාශයක් නොමැති බව නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

එබැවින් මෙම බැරෑරුම් තත්ත්වය හොදින් වටහා ගෙන නිත්‍යානුකුල නොවන අයුරින් ජාවාරම්කරුවන් මාර්ගයෙන් ඊශ්‍රායලයට නොපැමිණෙන ලෙසටයි ඔහු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36