ඊශ්‍රායලයේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කතුන් දෙදෙනා ගැන අනාවරණයක්

ශ්‍රී ලාංකිකයින් කාන්තාවන් දෙදෙනෙක් ජෝර්දානය හරහා ඊශ්‍රායලයට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවට පසුගිය දා තොරතුරු වාර්තා වුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාවයන් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේ.

ඒ, අනුව අවුරුදු 50ක ජේ.ඒ. චමිලා තුෂාරි සහ වයස අවුරුදු 44ක කේ.ඒ. ශ්‍රියානි මංජුලා කුලතුංග යන කාන්තාවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මොවුන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර විස්තර තවදුරටත් ලබා ගැනීමට නියමිත බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම මෙම කාන්තාවන් දෙදෙනාගේ ඉදිරි කටයුතු සහ ආරක්ෂාව සම්බන්ධව ජෝර්දානයේ තානාපති කාර්යාලය හා එක්ව කටයුතු සිදුකරන බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය දා හමස් සංවිධානය එල්ල කළ ප්‍රහාරවලට මැදිව තුවාල ලැබූ ශ්‍රී ලාංකික පුද්ගලයා ඊශ්‍රායලය තුළ නීති විරෝධී අයුරින් රැඳී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ හේතුවෙන් ඔහුට ලැබිය යුතු වන්දි මුදලක් හෝ වෙනත් කිසිඳු ආකාරයේ දීමනාවක් ලබා ගැනීමට හැකියාවක් නොමැති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඊශ්‍රායලය සහ හමස් සංවිධානය අතර පවතින යුද්ධය තවදුරටත් වර්ධනය වුණහොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයන් මේ වනවිටත් අවදානය යොමුව ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.

ශ්‍රී ලාංකිකයින් 8,000ක් පමණ මේ වනවිට ඊශ්‍රායල්වල රැඳී සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03