spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඊයේ රෑ සිදු වූ හම්බන්තොට වෙඩි තැබීමේ තොරතුරු රැසක් එළියට (ඡායාරූප)

හම්බන්තොට – සුචී ගම්මානයේදී ඊයේ (21) රාත්‍රී 9.00ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේ හක්මන කොඩිතුවක්කුගේ සාගර නැමැති 35 හැවිරිදි වියේ පසු වූ එක් දරු පියෙක්.

මෙම පුද්ගලයා සිය බිරිඳ සහ දරුවා සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහලට රැගෙන යන අතර තුරදී මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම තැනැත්තා පුද්ගල ඝාතන සිද්ධියකට බන්ධනාගාර ගතව සිට මීට දින කිහිපයකට පෙර ඇප ලබා පැමිණ සිට ඇති බවයි වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
6
+1
12
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?