ඊයේ රෑ සිදු වූ හම්බන්තොට වෙඩි තැබීමේ තොරතුරු රැසක් එළියට (ඡායාරූප)

හම්බන්තොට – සුචී ගම්මානයේදී ඊයේ (21) රාත්‍රී 9.00ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේ හක්මන කොඩිතුවක්කුගේ සාගර නැමැති 35 හැවිරිදි වියේ පසු වූ එක් දරු පියෙක්.

මෙම පුද්ගලයා සිය බිරිඳ සහ දරුවා සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහලට රැගෙන යන අතර තුරදී මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම තැනැත්තා පුද්ගල ඝාතන සිද්ධියකට බන්ධනාගාර ගතව සිට මීට දින කිහිපයකට පෙර ඇප ලබා පැමිණ සිට ඇති බවයි වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28