ඊයේ නැග්ග රත්තරන් මිල අද බැහැලා

මෙරට වෙළෙඳපොළේ රන් පවුමක මිල අද (18) දිනයේ තරමක් පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් පවුමක මිල රුපියල් 20,000 කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අද දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 360,800ක් ලෙස සටහන් වූ අතර, කැරට් 24 රන් පවුමක මිල, රුපියල් 390,000ක් ලෙස දැක් වුණා.

මේ අතර මෙරට ඉතිහාසයේ පළමුව වරට රන් පවුමක් රුපියල් ලක්ෂ 04 සීමාව ඉක්මවා යමින් ඊයේ (17) දිනයේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,000ක් ලෙස වාර්තා වුණා.