ඊයේ දිනට පමණක් ඩෙංගු රෝගීන් 1,069ක් – ඉදිරියේ දී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

ඊයේ (21) දිනයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 1,069ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර.පවසනවා

ඒ, අනුව මෙම වසරේ දී මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,179ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 28ක්.

මෑතකදී දෛනිකව වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 600ත් 650ත් දක්වා ඉහළ ගිය බවයි වැඩබලන අධ්‍යක්ෂවරයා පවසන්නේ.

වැඩබලන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් මෙම තත්ත්වය කඩිනමින් පාලනය කරගත යුතු බවයි.

රෝගීන් සංඛ්‍යාව මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඉදිරියේ දී රෝගී මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව ද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10