ඉහළ අහසේ නාඳුනන වස්තුවකට ඇමරිකාවෙන් සහ කැනඩාවෙන් වෙඩි ප්‍රහාරයක්

උතුරු ඇමෙරිකානු ගුවන් සීමාවට ඉහළින් තිබූ තවත් හඳුනා නොගත් වස්තුවක් බිම හෙළා ඇති බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ තහවුරු කර තිබෙනවා.

මෙය කැනේඩියානු ගුවන් සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන්, වයඹදිග කැනඩාවේ යුකොන් ප්‍රදේශදී වෙඩි තැබූ බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

කැනඩා අගමැතිවරයා ප්‍රකාශ කළේ තමා වෙඩි තැබීමට නියෝගය ලබා දුන් අතර ඒ සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සමඟ කතා සාකච්ඡා කළ බවයි.

ඉහළ අහසේ තිබූ මෙම වස්තුව කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව පැහැදිලි වී නැහැ.

මේ අතර ඇලස්කාවට අඩි 40,000 ක් පමණ ඉහළ අහසේ පාවෙමින් තිබූ හඳුනා නොගත් වස්තුවකට අමෙරිකාව ඊයේ වෙඩි තබා බිම හෙළනු ලැබුවා.

ධවල මන්දිරය පැවසුවේ අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානයක් මගින් එම හඳුනා නොගත් වස්තුවට වෙඩි තැබූ බවයි.

මෙම සිදුවීම වාර්තා වුණේ චීනයට අයත් බැලූනයක් අමෙරිකාවේ ප්‍රහාරක යානයක් මගින් මිසයිල ප්‍රහාරයකින් බිම හෙළා දින 06 ක් ගතවීමෙන් අනතුරුවයි.

අදාළ පාවෙන වස්තුව කුමක්ද යන්න හෝ එහි අරමුණ කුමක්ද යන්න හඳුනා ගෙන නොමැති නමුත් සිවිල් ගුවන් ගමන් කටයුතු සඳහා තර්ජනයක් එල්ල විය හැකි බැවින් ඊට වෙඩි තැබූ බව ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි පවසා තිබෙනවා.

අදාළ පියාසර වස්තුවේ අයිතිය කවුරුන් සතු ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව ද ධවල මන්දිරය ප්‍රකාශ කළා.

එම වෙඩි තැබීම සිදු කළේ ජනාධිපති ජෝ බයිඩ්න් හමුදාවට ලබා දුන් නියෝගයකට අනුව බවයි ධවල මන්දිරයේ ප්‍රකාශකයා සඳහන් කළේ.

මෙම හඳුනා නොගත් වස්තුව චීන බැලූනයට සාපේක්ෂව කුඩා බවයි පැවසෙන්නේ.

එහෙත් එය කුඩා මෝටර් රථයක ප්‍රමාණයට සමාන බවත් ධවල මන්දිර ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25