spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉහළ අහසේ නාඳුනන වස්තුවකට ඇමරිකාවෙන් සහ කැනඩාවෙන් වෙඩි ප්‍රහාරයක්

උතුරු ඇමෙරිකානු ගුවන් සීමාවට ඉහළින් තිබූ තවත් හඳුනා නොගත් වස්තුවක් බිම හෙළා ඇති බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ තහවුරු කර තිබෙනවා.

මෙය කැනේඩියානු ගුවන් සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන්, වයඹදිග කැනඩාවේ යුකොන් ප්‍රදේශදී වෙඩි තැබූ බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

කැනඩා අගමැතිවරයා ප්‍රකාශ කළේ තමා වෙඩි තැබීමට නියෝගය ලබා දුන් අතර ඒ සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සමඟ කතා සාකච්ඡා කළ බවයි.

ඉහළ අහසේ තිබූ මෙම වස්තුව කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව පැහැදිලි වී නැහැ.

මේ අතර ඇලස්කාවට අඩි 40,000 ක් පමණ ඉහළ අහසේ පාවෙමින් තිබූ හඳුනා නොගත් වස්තුවකට අමෙරිකාව ඊයේ වෙඩි තබා බිම හෙළනු ලැබුවා.

ධවල මන්දිරය පැවසුවේ අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානයක් මගින් එම හඳුනා නොගත් වස්තුවට වෙඩි තැබූ බවයි.

මෙම සිදුවීම වාර්තා වුණේ චීනයට අයත් බැලූනයක් අමෙරිකාවේ ප්‍රහාරක යානයක් මගින් මිසයිල ප්‍රහාරයකින් බිම හෙළා දින 06 ක් ගතවීමෙන් අනතුරුවයි.

අදාළ පාවෙන වස්තුව කුමක්ද යන්න හෝ එහි අරමුණ කුමක්ද යන්න හඳුනා ගෙන නොමැති නමුත් සිවිල් ගුවන් ගමන් කටයුතු සඳහා තර්ජනයක් එල්ල විය හැකි බැවින් ඊට වෙඩි තැබූ බව ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි පවසා තිබෙනවා.

අදාළ පියාසර වස්තුවේ අයිතිය කවුරුන් සතු ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව ද ධවල මන්දිරය ප්‍රකාශ කළා.

එම වෙඩි තැබීම සිදු කළේ ජනාධිපති ජෝ බයිඩ්න් හමුදාවට ලබා දුන් නියෝගයකට අනුව බවයි ධවල මන්දිරයේ ප්‍රකාශකයා සඳහන් කළේ.

මෙම හඳුනා නොගත් වස්තුව චීන බැලූනයට සාපේක්ෂව කුඩා බවයි පැවසෙන්නේ.

එහෙත් එය කුඩා මෝටර් රථයක ප්‍රමාණයට සමාන බවත් ධවල මන්දිර ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?