ඉස්තාන්බුල් නුවර සහ කටුනායක අතර ඍජු ගුවන් ගමන් අරඹයි (ඡායාරූප)

තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද (30) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඒ, අනුව තුර්කි ගුවන් සේවයේ ටී.කේ. – 730 දරණ ගුවන් යානය අද (30) උදෑසන 05.40 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සහ කටුනායක අතර ඍජු ගුවන් ගමන් සේවා සඳහා පැය 08ක කාලයක් වැය වන අතර, සෑම සතියකම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල මෙම ගුවන් ගමන් ක්‍රියාත්මකයි.

මේ අතර 2024 වසරේ සිට සතියේ දින හත තුළම තුර්කි ගුවන් සේවා යානා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 261 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ආපසු තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය ගුවන් යානයයෙන් මගීන් 209 දෙනෙකු පිටත්ව ගියා.

මීට වසර 10ක පමණ කාලයක සිට තුර්කි ගුවන් සේවය මාලදිවයින හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත තම ගුවන් සේවා පවත්වා ගෙන ගොස් තිබුණා.

මෙලෙස ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමත් සමඟ තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ යන බවයි සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කළේ.

CAP 20231030 054602 scaled
20231030 065546 scaled
20231030 063319 scaled
20231030 064024 scaled
20231030 061201 scaled
20231030 055021 scaled
20231030 063945 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22