ඉල්ලා අස්වීමේ පුවත ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකුගේ ලිඛිත ඉල්ලා අස්වීමක් හෝ එලෙස යොමු කරන ලද ලිපියක පිටපතක් හෝ මේ දක්වා කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව එම කොමිසමේ ලේකම් එච්. එම්. ටී. ඩී. හේරත් මහතා පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් ඉල්ලා අස්වී ඇති බවට සහ කොමිෂන් සභාවේ එක් සාමාජිකයෙකුගේ ඉල්ලා අස්වීම ජනාධිපති කාර්යාලය වෙත යොමු කර ඇති බවට ද වූ ප්‍රවෘත්ති වාර්තා වී ඇති බවයි.

කෙසේවෙතත් මෙතෙක් එවැනි ලිඛිත දැනුම්දීමක් හෝ ලිපියක පිටපතක් මෙතෙක් ලැබී නොමැති අතර සභාපතිවරයා ඇතුලු සාමාජිකයන් මැතිවරණ කොමිෂන් සභාවේ ව්‍යවස්ථාපිත කාර්යයන් සහ 2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් කිසිදු අඩාල වීමකින් තොරව සැලසුම් කර ඇති ආකාරයට ක්‍රියාත්මක කරන බවයි ලේකම්වරයා නිවේදනය කළේ.

කොමිෂන් සභාව කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රචාර වරින් වර නිර්මාණය කර ප්‍රචාරය කරන බවට නිරීක්ෂණය වී ඇතැයි ද මැතිවරණ කොමිසමේ ලේකම්වරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

ELection Commission
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43