ඉරානයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 95ක් ජිවිතක්ෂයට

ඉරාන ජෙනරාල් Qasem Soleimani එක්සත් ජනපදය විසින් ඝාතනය කර සිව්වන සංවත්සරය යෙදී තිබියදී ඔහුගේ සොහොන අසල බෝම්බ පිපිරීම් දෙකක් සිදුව තිබෙනවා

මෙම පිපිරීමේදී අවම වශයෙන් පුද්ගලයින් 95 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා .

Kerman නගරයේ Saheb al-Zaman දේවස්ථානය අසල සිදුවූ පිපිරීම්වලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන්

ඉරානයේ නායක Ayatollah Ali Khamenei ත්‍රස්තවාදී ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවටද පොරොන්දු වී තිබෙනවා

වසර 42ක් තුළ ඉරානයේ සිදුවූ මාරාන්තිකම ප්‍රහාරය ලෙස සැලකෙන මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු කණ්ඩායමකින් ක්ෂණික හිමිකම් පෑමක් සිදු නොවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?