ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ඉන්දීය රජයේ සහාය

ශ්‍රී ලංකාව සිදුකළ ඉල්ලීම අනුව ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දිය රජය තීරණය කර තිබෙනවා.

ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය එක්ස් හි සටහනක් තබමින් මේ බව අද (21) ප්‍රකාශ කළා.

මේ අතර ඉරානය තුළ සිටින නේපාල ජාතිකයන්ට ද යළි මව්රට බලා යාමට මෙලෙස සහාය ලබාදීමට ඉන්දියාව තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය පවසන්නේ ඉරානය තුළ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ නේපාල ජාතිකයින්ට ටෙලිග්‍රෑම් නාළිකාව හරහා හෝ හදිසි දුරකථන අංක හරහා තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බවයි.

ඒ, වෙනුවෙන් +989010144557; +989128109115; +989128109109 යන දුරකථන අංක ද හඳුන්වා දීමට ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය පවසනවා.

මේ අතරට ඉන්දියාවේ ‘සින්දු මෙහෙයුම’ වෙනුවෙන් ඉරානය සිය ගුවන් අවකාශ සීමාවන් ඉවත් කිරීමෙන් පසු, ඉරානයේ සිටි ඉන්දීය සිසුන් 290 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊයේ (20) රාත්‍රියේ දිල්ලියට පැමිණ තිබෙනවා.

ඒ, අනුව ඉරානය තුළ සිටින ඉන්දියානුවන් 1,000 ක් පමණ ඉවත් කිරීම සඳහා ගුවන් ගමන් තුනක් වෙනුවෙන් සිය ගුවන් අවකාශය විවෘත කරන බව ඉරානය ඉන්දියාවට පවසා තිබෙනවා.

මෙය ගුවන් ගමන් වාර තුනෙන් දෙවන සහ අවසන් ගුවන් යානා අද (21) දිනයේ ඉරානයේ සිට නවදිල්ලියට පැමිණීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40