ඊයේ (23) දිනයේ පහත වැටීමෙන් පසු බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 100ට වඩා යළි ඉහළ ගොස් තිබෙනවා.
අද (24) උදෑසනවන විට ආසියාවේ බොරතෙල් මිල 3.75% කින් ඉහළ ගොස් ඩොලර් 103.69ක් ලෙස සටහන්ව තිබුණා.
එමෙන්ම ඇමරිකාවේ නයිමෙක්ස් ලයිට් ස්වීට් බොරතෙල් මිල 3.42% කින් ඉහළ ගොස් තෙල් බැරලයක මිල ඩොලර් 91.55ක් ලෙස දැක්වුණා.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, ඉරානයට එල්ල කරන නව ප්‍රහාර ප්‍රමාද කරන බවට ඊයේ (24) දිනයේ සිදුකළ ප්‍රකාශයෙන් පසු එතෙක් ඉහළ අගයක පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 10% කට වඩා පහත ගියා.
කෙසේ වෙතත් එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කළ බවට ටෙහෙරානය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙලෙස යළිත් බොරතෙල් මිලේ ඉහළයාමක් පෙන්නමු කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.













