ඉරාකයේ සිටින ත්‍රස්ත නායකයා ගැන තොරතුරකට ඩොලර් මිලියන දහයක්

ඉරාකයේ, ඉරානයට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයෙක් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ත්‍යාගයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කටයිබ් සයීඩ් අල්-ෂුහාඩා ත්‍රස්ත කණ්ඩායමේ නායකයා සහ මහලේකම්වන හෂීම් ෆින්යාන් රහීම් අල්-සරාජි සම්බන්ධයෙන් තොරතුරක් ලබාදෙන අයෙකුට මෙලෙස ඩොලර් මිලියන 10 ක ත්‍යාග මුදලක් ලබාදෙන බවයි ඇමරිකාව පවසන්නේ.

ඉරාක සිවිල් වැසියන් ඝාතනය කිරීම සහ ඉරාකයේ සහ සිරියාවේ එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් සහ පිරිස්වලට පහරදීම සම්බන්ධයෙන් මෙම කණ්ඩායම වගකිව යුතු බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted