Empty Ad
AFC Banner
AFC Banner

ඉම්රාන් ඛාන් නිදහස් කරගැනීමේ සටනට අන්තර්ජාල‍ය හරස් වෙයි

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරගැනීම සඳහා මේ දිනවල (22) විශාල වශයෙන් ජන අරගල පැවැත්වෙන අතර; ඊට සමගාමීව සමාජ මාධ්‍ය තුළ ද එහි විරෝධතා සඳහා ඉඩහසර වෙන් ව තිබෙනවා.

නමුත් එ‍රට මාධ්‍ය වාර්තා කළේ; ඛාන්ගේ පක්ෂය වන PTI සිය විරෝධතාව ආරම්භ කිරීමට පෙර පාකිස්තාන රජයෙන් අන්තර්ජාල සේවා අක්‍රීය කර ඇති බවයි.

නොවැම්බර් 24 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) විරෝධතාව හේතුවෙන් පාකිස්තානයේ ප්‍රදේශ කිහිපයකම මෙලෙස අන්තර්ජාල සේවා අත් හිටුවා තිබෙනවා.

ඉස්ලාමාබාද් සහ පාකිස්තානයේ පන්ජාබ් පළාතේ ජංගම සහ අන්තර්ජාල සේවා අත්හිටුවීමට අපේක්ෂා කරන බවත් ARY පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

අන්තර්ජාල වේගය අඩු කිරීමට සහ සමාජ මාධ්‍ය යෙදුම්වලට ප්‍රවේශය කඩාකප්පල් කිරීමට ෆයර්වෝල් ක්‍රියාත්මක කරමින් නොවැම්බර් 22 සිට ජංගම අන්තර්ජාල සේවා නවතා දමන බව පාකිස්තාන විදුලි සංදේශ අධිකාරියේ (PTA) මූලාශ්‍ර වාර්තා කර ඇති බවයි දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?