spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන සහ ගෑස්වලට වැට් වැටෙන හැටි පැහැදිළි කරයි (වීඩියෝ)

ජනවාරි මස පළමුවනදා සිට ඉන්ධන සහ ගෑස් සඳහා වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය සහ ගුවන්තොටුපළ බද්ද ඉවත් කෙරෙන බව මුදල් අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය ගෑස් පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් වෙනස්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකදී පැහැදිළි කළා.

ඒ අනුව ඉන්ධන සඳහා සියයට 18ක වැට් බදු ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් සියයට 7.5ක වරාය සහ ගුවන්තොටුපල බදු ඉවත් කෙරෙනු ඇති.

ගෑස් සඳහා වැට් බදු ක්‍රියාත්මක වීමේදී ඉන් සියයට 2.5ක් වූ වරාය සහ ගුවන් තොටුපළ බද්ද ඉවත් කිරීමට නියමිතයි.

ඒ අනුව ඉන්ධන සහ ගෑස් සඳහා ජනවාරි පළමුවනදා සිට වැට් අයකිරීම සිදු කෙරෙන්නේ 10.5%ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
13
+1
4
+1
2
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?