ඉන්ධන ලබාගැනීමට පැමිණ දිගු පෝලිම්වලට මඤ්ඤොක්කා සංග්‍රහයක්

ඉන්ධන ලබාගැනීමට පැමිණ දිගු පෝලිම්වල දිගු වෙිලාවක් රැදි සිටිමින් විඩාබර ජනතාවට කඹුරුගමුව රුහුණුපුර තරුණ පිරිස ගෙන් දෙල් සහ මඤ්ඤොක්කා සංග්‍රහයක් අද (21 )මේ වන විට බොහෝ දෙනෙකු දිවා රාත්‍රී ගැන නොසිතා දින ගණනාවක් දිගු පෝලිම් වල රැඳී සිටිමින් තමන්ගේ වාරය පැමිණෙන තුරු බලා සිට ඉන්ධන ලබා ගැනීමට සිදුවී තිබේ එය දෛනික රාජකාරියේ කොටසක් වී හමාරය මෙහිදී ලැබෙන ඉන්ධන ප්‍රමාණය අනුව කොතරම් දිනකට ප්‍රමාණවත් වේ දැයි කිව නොහැකිය එසේම පෝලිම් වල රැඳී සිටි බොහෝ අයට වෙලාවට වතුර ටික කෑම ටික ද අහිමි වී ගොස් තිබේ.

එවැනි පසුබිමක වැලිගම කඹුරුගමුව සිපෙට්කෝ ඉන්ධන පිරහුමි හල අසල සිට ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දිගු පෝලිම් වල රැඳී සිටිමින් විඩාබර ජනතාවට දෙල් සහ මඤ්ඤොක්කා තම්බා පොල් සම්බල් එක්ක ලබාදීමට කඹුරුගමුව රුහුණුපුර තරුණ පිරිස (21 ) අද පස්වරුවේදි පියවර ගෙන තිබිණි .මෙ සදහා කඹුරුගමුව ප්‍රදේශයේ තරුණයන් විසි දෙනෙකු පමණ එක්ව විශාල පරිශ්‍රමයක් දරමින් මෙම කටයුතු සංවිධානය කොට තිබුණා.