ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ඇමති හෙළි කරයි

පසුගිය මාස 3ක කාලය තුළ ඉන්ධන මිල ගණනයට යොදා ගන්නා “ප්ලැට්ස්” අගයන් කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්ධන මිල ඉහළ දැමූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඔහු කියා සිටියේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් සැප්තැම්බර් මාසය සඳහා ඉන්ධන සඳහා වන උපරිම සිල්ලර මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නියම කර ඇති බවයි.

පසුගිය මැයි සහ ජූනි මාසවල බැරලයකට ඇමෙරිකානු ඩොලර් 80-85 දක්වා පැවති සාමාන්‍ය ප්ලැට්ස් අගය ජූලි මාසය වන විට බැරලයකට ඇමෙරිකානු ඩොලර් 85 සාමාන්‍ය දක්වා වැඩි වී ඇති අතර අගෝස්තු මාසය තුල එය බැරලයක සාමාන්‍ය ඇමෙරිකානු ඩොලර් 100-110 දක්වා වැඩි වී තිබෙනවා.

සුපිරි ඩීසල් විශාල වැඩි වීමක් සිදු වී නැත්තේ එම සුපිරි ඩීසල් නෞකාව පසුගිය ජූලි මාසය තුල ලබාගෙන තිබීම හේතුවෙන් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

රජය පසුගිය කාලයේ යොදා ගත් ඉන්ධන මිල සූත්‍රය පමණක් භාවිතා කරමින් ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර එය ඉදිරියටද ඒ අනුව සිදු වන බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
19
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46