ඉන්ධන බෙදන අංක සූත්‍රය මෙන්න

සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින හත බලශක්ති අමාත්‍යංශය වෙන්කර තිබෙනවා.

අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින් දා,

ඉලක්කම 3, 4 සහ 5 නම් අඟහරුවාදා සහ සිකුරාදා ද,

ඉලක්කම 6, 7, 8 සහ 9 නම් බඳාදා, සෙනෙසුරාදා සහ ඉරිදා ද, ලෙස දින වෙන්කර තිබේ.

ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලට සතියකට හෝ මාසයකට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත හැකි බව ද මණ්ඩලය පවසයි.